වසර දහයක් තුල වැඩවර්ජන 386ක්

Government Of Sri Lanka Strike Sri Lanka Sinhala news
By Hashini May 04, 2025 05:37 AM GMT
Hashini

Hashini

Report

 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසන්නේ පසුගිය වසර 10ක කාලසීමාව තුලදී මෙරට සිදු කෙරුණු වැඩවර්ජන හේතුවෙන් රුපියල් කෝටි 300 ඉක්මවූ මුදලක් අහිමි වී ගොස් ඇති බවයි.

ඔහු සඳහන් කලේ වසර 10ක කාලය තුලදී මෙරට වැඩවර්ජන 386ක් සිදුව ඇති බවත් එයින් ශ්‍රම දින 662,388ක් රටට අහිමිව ඇති බවත්ය.

එම වැඩවර්ජන සඳහා සම්බන්ධ වී ඇති සේවකයින් පිරිස 115,356ක් වන බවයි ඔහු සඳහන් කලේ.

වැඩිම වැඩවර්ජන සංඛ්‍යාවක් සිදුව ඇත්තේ 2018 වර්ශයේදියි.

එම වැඩවර්ජන අතර අධ්‍යාපන , සෞඛ්‍ය , වතු , ප්‍රවාහන, සහ ඇඟලුම් යන ක්ෂේත්‍රවල වැඩිම වැඩවර්ජන ප්‍රමාණයක් සිදුව තිබෙනවා.

මත ගැටුම් මැද විශේෂ යුද අභ්‍යාසයක්

මත ගැටුම් මැද විශේෂ යුද අභ්‍යාසයක්


ReeCha