මහනුවර ජනතාවට හදිසියේම විශේෂ දැනුම්දීමක්
මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී ජල නල පද්ධතියේ බිඳවැටීමක් සිදුවීම හේතුවෙන්, අද (28) පස්වරු 2:00 සිට ලබන 30 වැනිදා අලුයම 2:00 දක්වා පැය 36ක කාලයක් මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන තිබේ.
මෙම ජල සැපයුම අත්හිටුවීමෙන් පේරාදෙණිය පාර, විලියම් ගොපල්ලව මාවත, උසාවි සංකීර්ණය අසල සිට නගර සභා හන්දිය දක්වා, අස්ගිරිය, වැව රවුම, රජ පිහිල්ල මාවත, බූවැලිකඩ, තැන්නකුඹුර, ගුරුදෙනිය, අම්පිටිය සහ මහනුවර නගර මධ්‍යයේ සියලුම වීථි ආශ්‍රිත ප්‍රදේශ බලපෑමට ලක්වනු ඇත.
ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ, මෙම බිඳවැටීම ඉදිකිරීම් කටයුතුවලදී ජල නල පද්ධතියට හානි සිදුවීම හේතුවෙන් ඇතිවූ බවත්, එය විගසින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය. මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවට ඇතිවන අපහසුතාවය පිළිබඳව කනගාටුව පළ කරන බවත්, ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට උපරිම උත්සාහය ගන්නා බවත් බලධාරීන් සඳහන් කළේය.
ප්‍රදේශවාසීන්ට ජල සැපයුම අත්හිටුවන කාලය තුළ අවශ්‍ය ජලය ගබඩා කර ගැනීමටත්, විකල්ප ජල ප්‍රභවයන් භාවිතා කිරීමටත් ජල සම්පාදන මණ්ඩලය උපදෙස් දී ඇත.
