එවරස්ට් කන්දේ හිම කුණාටුවකට හසුවූ පිරිස ගැන ඇහෙන අලුත්ම ආරංචිය
By Kaushi
ටිබෙටයේ එවරස්ට් කන්දේ නැගෙනහිර ප්‍රදේශයේ හටගත් දරුණු හිම කුණාටුවකට හසුවූ කඳු නගින්නන් (trekkers) 350ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව හිම කුණාටුවට හසුවී පුද්ගලයන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් සිරවී සිටි බව මින් පෙර විදෙස් මාධ්‍ය සඳහන් කළා.
එමෙන්ම ඉන් 200කට වැඩි පිරිසක් සමඟ සබඳතා තහවුරු කර ගැනීමට හැකියාව ලැබී ඇති බව ද වාර්තා වුණා.
එහිදී හිම කුණාටුව නිසා එම ප්‍රදේශයට පිවිසෙන මාර්ග අවහිර වී තිබෙනවා.
කෙසේ වෙතත් සිරවී සිටින සෙසු කඳු නගින්නන් මුදා ගැනීම සඳහා ද මෙහෙයුම් ක්‍රියාත්මක බව පවසයි.