වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි - 32ක් ජිවිතක්ෂයට පත් වුණ බිහිසුණු රිය අනතුර. (PHOTOS)
වාහන කිහිපයක් ගැටීමෙන් ඊජිප්තුවේ පුද්ගලයින් 32ක් මිය ගොස් පුද්ගලයන් 63 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මෙලෙස අනතුර සිදුව ඇත්තේ කයිරෝ අගනුවරට කිලෝමීටර් 131ක් (සැතපුම් 82ක්) උතුරින් පිහිටි කයිරෝ-ඇලෙක්සැන්ඩ්‍රියා මාර්ගයේ ඊජිප්තුවේ බෙහෙයිරා ආණ්ඩුකාර ප්‍රදේශයේ ය.
කෙසේ වෙතත්, මෙම අනතුරට මගී බස් රථයක් සහ මෝටර් රථ කිහිපයක් සම්බන්ධ වී ඇති අතර ඉන් සමහරක් ගිනිගෙන ඇති බව වාර්තා වේ.



