රුසියාවේ මිනිස් ජාවාරම පිළිබඳ පැමිණිලි 301ක්...
Sri Lanka
Government Of Sri Lanka
Ministry of Defense Sri Lanka
Russia
By Parami Dissanayake
ඊයේ (27 වැනිදා) වනවිට රුසියාවට ආරක්ෂක අංශ සාමාජිකයන් යවන මිනිස් ජාවාරමට සම්බන්ධ පැමිණිලි 301ක් ආරක්ෂක අමාත්‍යාංශයට ලැබී ඇති බවට වාර්තා වේ.
ඒ අනුව, මෙම පැමිණිලිවලින් හෙළිවූ තොරතුරු අනුව දැනට ජාවාරමට සම්බන්ධ හයදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ වනවිට ලැබෙන පැමිණිලිවලින් බහුතරය රුසියාවට ගිය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් කර ඇත.
මෙම පැමිණිලි ඔස්සේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීති අණපනත් සංශෝධනය කිරීමට ද රජය අවධානය යොමුකර ඇත.