මේ පැති වලට පැය 30කට වතුර කපනවා
ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කර ඇත්තේ හෙට (20) දිනයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බවයි.
ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ හෙට පෙරවරු 8.00 සිට පසුදින එනම් අනිද්දා (21) ප.ව.2.00 දක්වා වූ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි.
වැඩිදුරටත් පවසන්නේ ගාල්ල, හපුගල ජල පිරිපහදුව වෙත ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත් වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බවයි.
එම නිවේදනයට අනුව බෝපේ, පෝද්දල, අක්මීමන සහ රත්ගම යන ප්‍රදේශයේ සඳහා ජල සැපයුම අත්හිටුවීමට නියමිත අතර අහංගම ප්‍රදේශයට අඩු පීඩන තත්ත්ව යටතේ ජල සැපයුම සිදුවේ.
ජල සැපයුම අත්හිටුවීමෙන් ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව පළකරන බවත් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසත් ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටී.