ගෙයි මිදුලටම ආපු මාරයා - අවුරුදු 3නේ මල් කැකුළක් ජීවිතක්ෂයට

Report

කිලිනෝච්චිය, මුරුසමොටේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 3ක දරුවෙකු ඊයේ (21) දින රාත්‍රියේ ට්‍රැක්ටර් රථයකට යටවී මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව මියගිය දරුවා සහ ඔහුගේ සහෝදරයා නිවසේ නවතා තිබූ ට්‍රැක්ටර් රථයේ ට්‍රේලරයට නැග සෙල්ලම් කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ ඥාතියෙකු විසින් එම ට්‍රැක්ටර් රථය පණගන්වා, දරුවන් ට්‍රේලරය තුළ සිටියදීම මිදුලේ හැරවීමට කටයුතු කර ඇති බව සඳහන්.

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

එවිට ට්‍රැක්ටර් රථයෙන් ඇදවැටුනු දරුවා පිටුපස රෝදයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සිදු කරන ලද විමර්ශනයේදී හෙළි වී ඇත.

එසේම අනතුරෙන් පසු බරපතළ තුවාල ලැබූ දරුවා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ට්‍රැක්ටර් රථය පැදවූ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මේ අතර සිද්ධිය පිළිබඳ කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මොවුන් දැක්කොත් වහාම අමතන්න - ශ්‍රී ලංකා පොලීසියෙන් මහජන සහය පතා නිවේදනයක්

මොවුන් දැක්කොත් වහාම අමතන්න - ශ්‍රී ලංකා පොලීසියෙන් මහජන සහය පතා නිවේදනයක්

කැරට් 24 රන් පවුමක් ලක්ෂ 4ක්.. ලංකාවම හොය හොය හිටපු අද රන් මිල ගණන් මෙන්න

කැරට් 24 රන් පවුමක් ලක්ෂ 4ක්.. ලංකාවම හොය හොය හිටපු අද රන් මිල ගණන් මෙන්න