බ්‍රිතාන්‍ය ජාතිකයින් ලක්ෂ 3ක් ගල්ෆ් කලාපයේ සිරවෙයි
ගල්ෆ් කලාපය තුළ ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ, එහි රැඳී සිටින බ්‍රිතාන්‍ය වැසියන්ට සහය වීම සඳහා බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය විශාල කැපවීමකින් කටයුතු කරමින් සිටින බව එරට විදේශ ලේකම් වෙට් කූපර් පවසයි.
ඇයගේ ඇස්තමේන්තුවට අනුව ගල්ෆ් කලාපය තුළ බ්‍රිතාන්‍ය වැසියන් 300,000ක් පමණ සිටින අතර, ඉන් 102,000ක් මේ වන විටත් විදේශ කාර්යාලය වෙත සිය තොරතුරු ලබා දී ලියාපදිංචි වී සිටියි.
පවතින තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල් ගුවන් කලාප වසා දැමීමත් සමඟ, බ්‍රිතාන්‍ය වැසියන්ට සිය රට බලා යාම සඳහා දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වී ඇති බව සඳහන්.
ඒ අනුව විදේශ ලේකම්වරිය මෙම තත්ත්වය ඉතා "පීඩාකාරී" බව පිළිගනිමින්, රජය මෙය සලකා බැලීමේදී දැඩි අවධානයෙන් පසුවන අතර, ඔවුන් ආරක්ෂිතව මෙරට ගෙන්වා ගැනීමට හැකි සිය විකල්ප පරීක්ෂා කරමින් සිටින බව සඳහන් කරයි.
පවතින තත්ත්වය වර්ධනය වන ආකාරයට අනුව, විදේශයන්හි සිටින බ්‍රිතාන්‍ය ජාතිකයින්ට අවශ්‍ය උපදෙස් වරින් වර ලබා දෙන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.