යුරෝපා රටවල් ත්‍රිත්වයක් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගනී...

By Parami Dissanayake May 28, 2024 04:56 PM GMT
Report

බලවත් යුරෝපා රටවල් ත්‍රිත්වයක් වන ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ නෝර්වේ යන රටවල් පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගෙන ඇති බව වාර්තා වේ.

ඔවුන් පවසන පරිදි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ, මැදපෙරදිග යුද්ධයට දේශපාලන විසඳුමක් සෙවීමේ ප්‍රයත්නයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ උත්සාහයක් ලෙසයි.

වාහන ආනයනය පිළිබඳව මහා බැංකුව පැවසු දේ...

වාහන ආනයනය පිළිබඳව මහා බැංකුව පැවසු දේ...

එමෙන් ම, විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ, ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කර ගැනීමට සහ හමාස් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට උපකාරී වන රාජ්‍ය තාන්ත්‍රික තල්ලුවක් තුළ, ඔවුන් එක්ව ක්‍රියා කිරීමෙන් අනෙකුත් යුරෝපීය රටවල් ද එය අනුගමනය කර දිරිමත් කිරීමට එම රටවල් බලාපොරොත්තු වන බවයි .

කෙසේ වෙතත්, මෙම තීරණය ගැනීම හේතුවෙන්, ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ නෝර්වේ යන රටවල් තුනම ත්‍රස්තවාදයට සහය පළ කරන රටවල් ලෙස ඊශ්‍රායලය චෝදනා කරයි.

කතරගම බස් වර්ජනයෙන් මඟීන් දැඩි අපහසුතාවයක...

කතරගම බස් වර්ජනයෙන් මඟීන් දැඩි අපහසුතාවයක...

ඊශ්‍රායලය විසින් අයර්ලන්තය, නෝර්වේ සහ ස්පාඤ්ඤයේ සිට සිය තානාපතිවරුන් ඉවත් කරගෙන ඇති අතර ඊශ්‍රායලයේ සිටින නියෝජිතයින්ට අනතුරු අඟවා ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.