හෝටලෙන් දුන්න අමතක නොවන සුපිරි කස්ටමර් සර්විස් එක..

By Piyumika Dec 25, 2024 09:27 AM GMT
Report

 පාරිභෝගිකයකුට පහරදී තුවාල සිදු කලේ යැයි කියන සිද්දියක් සම්බන්ධයෙන් කැකිරාව නගරයේ හෝටල් කළමනාකරුවෙකු ඇතුලු තිදෙනෙකු කැකිරාව පොලිස් ස්ථානය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

හිමමත ලිස්සායාමේ ශූරියක් හිම කුණාටුවකින් අවසන් ගමන් යයි..

හිමමත ලිස්සායාමේ ශූරියක් හිම කුණාටුවකින් අවසන් ගමන් යයි..

කැකිරාව මහ විදීයෙ පිහිටි පිහිටි හෝටලයක් තුළ ඊයේ සවස මෙම පහර දීම සිදුව තිබේ.

ආපන ශාලවට පැමිණි පාරිභෝගිකයකු හා එම හෝටල් කළමනාකරවරයා අතර ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසු හෝටල් කළමනාකරු ඇතුලු සේවකයින් තිදෙනෙකු විසින් අදාළ පාරිභෝගිකයාට මෙලෙස පහර දී තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි.

ඔන්න ඔයා ඇගිලි ගැන ගැන බලන් හිටපු ඒ නිවේදනය..

ඔන්න ඔයා ඇගිලි ගැන ගැන බලන් හිටපු ඒ නිවේදනය..

පහරදීමෙන් තුවාල ලැබ සිටි පුද්ගලයා කැකිරාව පොලිසියේ නිලධාරීන් මැදිහත්ව ප්‍රතිකාර සඳහා කඩිනමින් දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

මෙලෙස පහර කෑමෙන් තුවාල ලබා ඇත්තේ කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

You may like this video