අනුරාධපුරයම වටලන්න 3,500ක පොලිස් බලඇණියක් සූදානම්

Report

අනුරාධපුර දිස්ත්‍රික් පොසොන් කමිටුවේ රැස්වීම ඊයේ (02) වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම රැස්වීම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති අතර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා, ආරක්ෂක අංශ නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ඊට සහභාගී වූහ.

රැස්වීමේදී මෙවර පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුර පූජා නගරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් 3,500කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට සැලසුම් කර ඇති බව අනාවරණය කෙරිණි.

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

තවද, පෙර දැනුම්දීමකින් තොරව කිසිදු දන්සලක් පවත්වාගෙන යාමට අවසර ලබා නොදෙන බවද මෙහිදී අවධාරණය කෙරිණි.

මේ අතර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා අනුරාධපුර පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ පරිසරයට හානියක් නොවන අයුරින් කටයුතු කරමින් පරිසර හිතකාමී ලෙස හැසිරෙන ලෙසයි. 

ලෝකයම දරුණු අනතුරක - ඉතිහාසයේ නොවූ විරූ මාරක අනතුරකට ලෝකය සූදානම් වෙන්න - ලෝක කාලගුණ විද්‍යා සංවිධානය

ලෝකයම දරුණු අනතුරක - ඉතිහාසයේ නොවූ විරූ මාරක අනතුරකට ලෝකය සූදානම් වෙන්න - ලෝක කාලගුණ විද්‍යා සංවිධානය

අනුර කුමාර, ටිල්වින්, ලාල්කාන්ත සහ බිමල්ට එරෙහිව තිබූ කෝටි 100ක අපහාස නඩුව යළි පණ ගසයි

අනුර කුමාර, ටිල්වින්, ලාල්කාන්ත සහ බිමල්ට එරෙහිව තිබූ කෝටි 100ක අපහාස නඩුව යළි පණ ගසයි