මේ රජය පත්වුනාට පස්සේ මාස 3 ඇතුළත වෙඩි තැබීමේ සිද්ධි 27ක්!

CID - Sri Lanka Police Sri Lanka Police Crime Law and Order Drugs
By Shehan Mar 23, 2025 06:50 AM GMT
Shehan

Shehan

Report

2025 වසරේ ජනවාරි 01 සිට මේ දක්වා දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධි 27ක් සිදුවී ඇති බව පොලීසිය පවසයි.

එම වෙඩි තැබීම් 27 නිසා පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

දිවයින පුරා සිදුවූ මෙම වෙඩි තැබීම්වල සාරාංශය පහත දැක්වේ.

ආණ්ඩුව කියපු තරම් අඩු නොවන වාහන මිල

ආණ්ඩුව කියපු තරම් අඩු නොවන වාහන මිල

ජනවාරි මාසයේ වෙඩි තැබීම්

ජනවාරි 04

  • – වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල ප්‍රදේශයේදී පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල විය. මෙහිදී 26 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්විය.

ජනවාරි 07

  • – ගල්කිස්ස, වටරප්පල පාරේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් (වයස 36 සහ 20) මිය ගියහ.

ජනවාරි 09

  • අහුංගල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙක් තුවාල ලබා රෝහල්ගත කෙරිණි. එය “ලොකු පැටී” නම් අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙකුට එල්ල වූවක් බව පොලීසිය හෙළි කළේය.

ජනවාරි 13

  • දෙවිනුවර, තල්පාවිල ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයෙකුගේ නිවස ඉදිරිපිට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඇත. ව්‍යාපාරිකයා එහිදී දිවි බේරාගත්තේය.

ජනවාරි 15

  • දොඩංගොඩ, විල්පාත ප්‍රදේශයේ නිවසකට අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වූ නමුත් කිසිවෙකුට හානි සිදුවූයේ නැත.

පාතාලයට වැරදුන කුරුමානම... කමාන්ඩෝස්වරුන් යොදා ගැනීම භයානකයි

පාතාලයට වැරදුන කුරුමානම... කමාන්ඩෝස්වරුන් යොදා ගැනීම භයානකයි

ජනවාරි 16

  • මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ අතර, තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත වූහ.
  • එදිනම කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ මෝටර් රථ අමතර කොටස් සැලකට වෙඩි තබා ඇති නමුත් තුවාල සිදුවී නැත.

ජනවාරි 19

  • ගල්කිස්ස, සිරිපුර ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් (වයස 24 සහ 36) ජීවිතක්ෂයට පත්වූ අතර, විනාඩි 15කට පසු වෙඩිකරු බවට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනිණි. ඔහු රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත් මුදලකට මෙය කළ බව පවසා ඇත.

ජනවාරි 22

  • අම්බලන්තොට, කොග්ගල ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඇති නමුත් හානි සිදුවී නැත.

ජනවාරි 31

  • ගාල්ල, හිනිදුම, පනංගල ප්‍රදේශයේ ලැගුම්හලකදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ටී-56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කළහ. පෙබරවාරි මාසයේ වෙඩි තැබීම්

පෙබරවාරි 07

  • මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසලදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා 35 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය කළහ.

පෙබරවාරි 10

  • කොටහේන, බෙනඩික් මාවතේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා 43 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය කළහ. “පලනි ශිරාන් ක්ලෝරියන්”ගේ පාර්ශවය මෙය සිදුකළ බව පොලීසිය හෙළි කළේය.

පෙබරවාරි 19

  • මිද්දෙණියේදී වෙඩි තැබීමකින් “කජ්ජා” නම් පුද්ගලයෙක්, ඔහුගේ 6 හැවිරිදි දියණිය සහ 9 හැවිරිදි පුතා ජීවිතක්ෂයට පත්වූහ. - එදිනම අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී ගණේමුල්ල සංජීව නම් සංවිධානාත්මක අපරාධකරුවෙකුට වෙඩි තබා ඝාතනය කෙරිණි. නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් පුද්ගලයෙක් මෙය සිදුකළ අතර, ඔහු පසුව අත්අඩංගුවට ගැනිණි.

පෙබරවාරි 21

  • ජා ඇළ, පමුණුගම, මෝගන්වත්ත වෙරළ තීරයේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙක් ඝාතනය කෙරිණි.
  • එදිනම කොටහේන, ගල්පොත හන්දිය අසලදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කළ අතර, එම වෙඩිකරුවන් එදිනම ග්‍රෑන්ඩ්පාස්හිදී අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගියහ.

යෝෂිතට අපලයි! - යෝෂිතයි බිරිඳයි සමාජ ශාලාවක ලොකු ගෝරියක් දාගනී..

යෝෂිතට අපලයි! - යෝෂිතයි බිරිඳයි සමාජ ශාලාවක ලොකු ගෝරියක් දාගනී..

පෙබරවාරි 26

  • මිනුවන්ගොඩ, පත්තඩුවන මංසන්ධියේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා එක් අයෙකු තුවාල ලැබීය. මාර්තු මාසයේ වෙඩි තැබීම්

මාර්තු 08

  • ගම්පහ, අකරවිට ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් යතුරුපැදි අමතර කොටස් සැලක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල කළහ.

මාර්තු 13

  • - ගාල්ල, අක්මීමන, තලගල ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතා නිවසේදී වෙඩි තබා ඝාතනය කෙරිණි.
  • - එදිනම වැලිවේරිය, අරලියගස්දෙක හන්දියේදී 26 හැවිරිදි පුද්ගලයෙක් වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත විය.

මාර්තු 14

  • අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේදී 39 හැවිරිදි “පොඩි සුද්දා” නම් පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කෙරිණි.

මාස දෙකක විදුලි බිල්පත එකවර එන අලුත් සෙල්ලම - ගෙව්වේ නැත්නම් විදුලිය විසන්ධිලු!

මාස දෙකක විදුලි බිල්පත එකවර එන අලුත් සෙල්ලම - ගෙව්වේ නැත්නම් විදුලිය විසන්ධිලු!

මාර්තු 17

  • මිදිගම, පාතේගම ප්‍රදේශයේ නිවසකට අලුයම වෙඩි තබා ඇති නමුත් හානි සිදුවී නැත. - එදිනම සවස ග්‍රෑන්ඩ්පාස්, නාගලම් වීදියේදී වෙඩි තැබීමකින් තරුණයන් දෙදෙනෙක් (වයස 22 සහ 28) තුවාල ලබා රෝහල්ගත වූහ.

මාර්තු 22

  • දෙවුන්දර, ශ්‍රී විෂ්ණු දේවාලය අසල සිංහාසන මාර්ගයේදී වෑන් රථයකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් යතුරුපැදියක ගමන් කළ 28 සහ 29 හැවිරිදි තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළහ.

ReeCha