බැංකොක් නගරෙම විලාප තියද්දි බාර් එකක බිහිසුණු ගින්නක් - 27 දෙනෙකු ජීවිතක්ෂයට - 60ක් රෝහලේ
By Kaushi
තායිලන්තයේ බැංකොක්හි බාර් එකක ඇති වූ ගින්නකින් අවම ලෙස පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අගමැති ප්‍රකාශ කරයි.
ඒ අනුව අගමැති අනුටින් චාන්විරකුල් සිද්ධිය වූ ස්ථානයේ මාධ්‍ය වෙත කියා ඇත්තේ මළ සිරුරු 27ක් සොයා ගෙන ඇති බවත්, අනෙක් අය රෝහල් ගත කර ඇති බවත්ය. එසේම ගින්නට හේතුව තවමත් විමර්ශනය කරමින් පවතින බව ඔහු පවසා ඇත.
කෙසේ වෙතත් ගිනි නිවන භටයින් පැය භාගයක් පමණ ඇතුළත ගින්න පාලනය කිරීමට සමත් වූ බව වාර්තා වුවත් ගින්න නිසා ඒ වන විටත් විනාශකාරී ප්‍රතිඵල ලබා දී තිබුණි.
ප්‍රාදේශීය වාර්තාවලට අනුව මියගිය 27 දෙනා අතර පිරිමින් නව දෙනෙකු සහ කාන්තාවන් 18 දෙනෙකු සිටින අතර 60 කට වැඩි පිරිසක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
එමෙන්ම තායිලන්තයේ තයිරාත් පුවත්පත වාර්තා කළේ, තවමත් පුද්ගලයින් ගණනාවක් අතුරුදහන් වී ඇති බවයි.