ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් විශේෂ තීන්දුවක් ගනී
By Shehan
මෙක්සිකෝව සහ කැනඩාව සඳහා 25%ක තීරු බදු ඉහළ දැමීම අද (04) සිට ක්‍රියාත්මක වන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පියවර වළක්වා ගත හැකිද යන්න පිළිබඳව සති ගණනාවක් තිස්සේ පැවති සමපේක්ෂන අවසන් බවයි.
මෙක්සිකානු සහ කැනේඩියානු නිලධාරීන් මගක් සොයා ගැනීමට උත්සාහ කළද මෙම පියවර ඉදිරියට ගෙන යන බව ඇමරිකානු ජනපති ඩොනල්ට් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියා.