දිවයින පුරා දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට අදියර 2 මට්ටමේ අනතුරු ඇඟවීම්

Report

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට දිවයින පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, මේ මස 03 වන දින සිට මේ දක්වා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීම් 25ක් නිකුත් කර ඇති බවයි.

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

පෙර පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝප්‍රදේශවල නායයෑම්වල මූලික ලක්ෂණ මතුව ඇති අතර, ඇතැම් ස්ථානවල ගල් සහ පස් තට්ටු තාවකාලිකව රැඳී තිබීම නිසා සුළු වර්ෂාපතනයකදී පවා ඒවා සෝදාගෙන යාමේ දැඩි අවදානමක් පවතී.

කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ''දිවයිනට අඩු පීඩන බලපෑමක් නිසා ඔක්තෝබර් 27 දක්වා අවධානයෙන් සිටින්න''

කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ''දිවයිනට අඩු පීඩන බලපෑමක් නිසා ඔක්තෝබර් 27 දක්වා අවධානයෙන් සිටින්න''

එම නිසා අවදානම් ප්‍රදේශවල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියි. ඊයේ (21) ලැබුණු වර්ෂාපතනයත් සමඟ නායයෑම් නිවේදන නැවත යාවත්කාලීන කර ඇති අතර, පහත ප්‍රදේශ සඳහා අදියර 2 මට්ටමේ (Level 2) අවධානයෙන් සිටීමේ නිවේදන නිකුත් කර තිබේ.