බදුල්ලේ මේ අයට අද හෙට සහ අනිද්දට සුබ ආරංචි - නව නිවාස සහ ලක්ෂ 50ක මුදලක්
දිට්වා ආපදා තත්ත්වය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස අහිමි වූ සහ අධි අවදානම් තත්ත්වයට මුහුණ දුන් පවුල් සඳහා නව නිවාස ඉදිකිරීම සහ ලක්ෂ 50ක මුදලක් ලබා දීමේ වැඩසටහනක් අද (07) පැවැත්වීමට නියමිතයි.
එබැවින් නිවාස අහිමි වූ පවුල් 237කට අදාළව නව නිවාස 237ක් ඉදි කිරීම සහ අධි අවධානම් තත්ත්වයට මුහුණ දුන් පුද්ගලයින් වෙත රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දීමේ වැඩසටහන අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
එසේම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ආවරණය වන ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් රජය විසින් ලබා දීමට කටයුතු කරන බවයි.
එමෙන්ම අමාත්‍යාංශය දන්වා ඇත්තේ නිවාස සඳහා රජයට අයත් ඉඩම්වල මෙම නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරන බවත් ඒ අනුව කන්දේකැටිය, සොරණාතොට, හාලිඇල, බදුල්ල, පස්සර සහ මීගහකිවුල ඇතුළු ප්‍රදේශවල නිවාස 237ක් අද දිනයේ ආරම්භ වීමට නියමිතව බවත් ය.
ඒ අනුව කන්දේකැටිය, සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හී නිවාස 68ක් සඳහා අද දිනයේදී මුල්ගල් තැබීමට නියමිතයි.
අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි
එසේම හාලිඇල, බදුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිවාස 123ක් සඳහා හෙට (08) දිනත් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තවත් නිවාස 46ක් සඳහා ඔක්තෝබර් 09 වැනි දිනත් මුල්ගල් තැබීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කර ඇත.
මේ අතර අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය, වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍යාංශය මෙන්ම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මෙම නිවාස ඉදිකිරිම සම්බන්ධයෙන් සක්‍රිය දායකත්වය සපයන බවයි.