දරුණු නාය යෑමකින් පුද්ගලයින් 23ක් මරුට..30කට තුවාලයි.(PHOTOS)

TN Weather Colombia Weather
By Aruna Jan 14, 2024 08:35 AM GMT
Aruna

Aruna

Report

වයඹදිග කොලොම්බියාවේ නායයාමකින් පුද්ගලයන් 23 දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මෙඩලින් සහ ක්විබ්ඩෝ නගර සම්බන්ධ කරන මාර්ගය නායයෑම් කිහිපයකින් වසා දමා තිබී ඇති අතර, බොහෝ රියදුරන් නාය යාම් මග හරිමින් කාර්මන් ඩි ඇට්‍රාටෝ ප්‍රදීශයේ තම මෝටර් රථ නතර කර සිට තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්පසුව තවත් පස් කන්දක් මාර්ගයට කඩා වැදී ඔවුන් සහ වාහන කිහිපයක් ඊට වැළලී ගිය බවයි එරට ප්‍රදේශීය නිලධාරීන් පවසන්නේ.

මේ අනුව, සමහර පුද්ගලයින් තවමත් සුන්බුන් අතර සිරවී සිටින බවයි, ප්‍රදේශයේ නගරාධිපතිවරයා පැවසුවේ.

පැසිෆික් සාගරයට මායිම්ව පිහිටි චොකෝ පළාතේ මෙම නාය යෑම සිදුවූ ප්‍රදේශය දැඩි වනාන්තරවලින් වැසී ඇති අතර පසුගිය පැය 24 තුළ සැලකිය යුතු වර්ෂාපතනයකට ගොදුරු වී තිබේ.

සමාජ මාධ්‍යවල සටහනක් තබමින් කොලොම්බියාවේ උප ජනාධිපති ෆ්‍රැන්සියා මාකේස් පවසා ඇත්තේ, කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ ප්‍රෙටෝ චොකෝ කලාපයට සියලු උපකාර ලබා දීමට උපදෙස් දී ඇති අතර, පුද්ගලයන් 30 දෙනෙකු පමණ නාය යෑම් නිසා තුවාල ලබා ඇති බවයි.

කොලොම්බියාව මේ වන විට නියඟ කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටින අතර, පැසිෆික් කලාපයට සහ ඇමසන් වනාන්තරයට මායිම්ව ඇති ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇතිවීමේ අවදානම පිළිබඳව එරට ජල විද්‍යා, කාලගුණ විද්‍යා සහ පරිසර අධ්‍යයන ආයතනය මීට පෙර අනතුරු අඟවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

Sponsored By Sarrita Jewellery

දරුණු නාය යෑමකින් පුද්ගලයින් 23ක් මරුට..30කට තුවාලයි.(PHOTOS) | 23 People Died In Landslide Northwestern Colombia

GalleryGalleryGalleryGallery
ReeCha