ලංකාව බලා සිටි මොහොත හෙට එළඹෙයි - 22ට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ලක් නම් කරයි
රජය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (01) දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (31) දින නියම කර ඇත.
ඒ අනුව මෙම පෙත්සම් විභාග කිරීමට අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන විසින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ද නම් කර ඇති බව වාර්තා වේ.
අඳාළ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා වශයෙන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන කටයුතු කරයි.
එසේම එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරු ඇතුළත් වේ.
අඳාළ විනිසුරු මඩුල්ල ඉදිරියේ අඳාළ පෙත්සම් හෙට (01) දින සලකා බැලීමට නියමිතයි.