වෙස්සගිරිය ''උරුම උද්‍යානයක්'' බවට පත් කිරීමට පියවර...

Report

අනුරාධපුර, වෙස්සගිරිය පුරාවිද්‍යා ස්ථානය ‘උරුම උද්‍යානයක්’ බවට පත්කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.

මෙහිදී වෙස්සගිරිය තුළදී පර්යේෂණ කටයුතු සඳහා පර්යේෂකයන්ට අවස්ථාව ලබාදීම, නරඹන්නන්ගේ මානසික සුවතාව ඇති කිරීම, විවේක ස්ථාන පිහිටුවීම ඇතුළු කාර්යයන් රැසක් සිදු කිරීමට සැලසුම්කර ඇතැයි වාර්තා වේ.

හර්ෂ මුදල් ඇමතිට ලිපියක් යොමු කරයි...

හර්ෂ මුදල් ඇමතිට ලිපියක් යොමු කරයි...

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය විසින් සිදු කරන්නේ, වෙස්සගිරිය උරුම උද්‍යානයක් බවට පත් කිරීමේ මූලික අදියර යටතේ එහි අක්කර 26කින් යුත් සමස්ත ස්මාරක භූමිය ප්‍රදර්ශන මට්ටමට සකස් කිරීමේ කටයුතු කරන බවයි.

වෙස්සගිරිය, උරුම උද්‍යානයක් බවට පත්කිරීමේ සමාරම්භක උත්සවය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක, අමාත්‍යාංශ ලේකම් එච්.එම්.බී.පී. හේරත්ගේ ප්‍රධානත්වයෙන් වෙස්සගිරිය භූමියේදී පැවැත්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත

. ඒ මේ මස 14 වැනිදා පෙරවරුවේ දී ය.

වෙස්සගිරිය

වෙස්සගිරිය