22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 21ක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති පෙත්සම් සංඛ්‍යාව මේ වන විට 21 දක්වා ඉහළ ගොස් තිබේ.
නිවිද පදනමේ භාණ්ඩාගාරික සුනිල් ජයසුන්දර, ආචාර්ය අජන්තා පෙරේරා, නීතිඥ ශිරාල් ලක්තිලක සහ තරුණ නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් විසින් මෙම නව පෙත්සම් ඉදිරිපත් කර ඇත.
මීට පෙර ද අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මහාචාර්ය රන්ජන් අබේරත්න ඇතුළු පිරිසක් විසින් පෙත්සම් ගොනු කර තිබුණි.
ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත මගින් ජනතා පරමාධිපත්‍යයට මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට ද දැඩි බලපෑමක් එල්ල වන බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
එම නිසා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට අවශ්‍ය නම් එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.