විශාල කසළ කන්දක් නාය යාමෙන් 21 දෙනෙකු මිය යයි..

By Aruna Aug 12, 2024 04:26 AM GMT
Report

විශාල කසළ කන්දක් නාය යාමෙන් උගන්ඩාවේ කම්පාලා අගනුවර 21 දෙනෙකු මිය ගොස් තිබෙන බවට වාර්තා වනවා.

පසුගිය සති කිහිපය පුරා ඇතිවූ ධාරානිපාත වර්ෂාවෙන් පසු නගරයේ එකම කසළ රඳවන ස්ථානයේ විශාල කසළ කන්දක් මෙලෙස කඩා වැටී අසළ නිවැසියන්ගේ නිවාස බිමට සමතලා කරමින් මෙම අනතුර සිදුවී ඇත.

සුවසැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සහායිකාවට අතවර කරන්න ගිය හමුදා සැරයන්වරයෙක් පොලිසියට මාට්ටු වෙයි..

සුවසැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සහායිකාවට අතවර කරන්න ගිය හමුදා සැරයන්වරයෙක් පොලිසියට මාට්ටු වෙයි..


ගලවාගැනීමේ සේවකයින් විසින් දිවි ගලවා ගත් අය සෙවීම සඳහා කැණීම් කරමින් සිටින බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කරන්නෙ.

මෙම කුණු කන්ද අසල ජීවත් වන සියලු දෙනා ඉවත් කිරීම සම්බන්ධීකරණය කරන ලෙස තමා අග්‍රාමාත්‍යවරයාට උපදෙස් දුන් බව උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේනි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

නාමල් රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයේ 50% ඉක්මවන බවට දැනුම්දීමක්..එම ප්‍රතිඵලය මෙන්න.

නාමල් රාජපක්ෂ මෙවර ජනාධිපතිවරණයේ 50% ඉක්මවන බවට දැනුම්දීමක්..එම ප්‍රතිඵලය මෙන්න.


නාය යාමට හේතුව පිළිබඳව මේ වන විට රජය ද පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බවට අනාවරණවන ඕනෑම නිලධාරියෙකුට එරෙහිව පියවර ගන්නා බව රජයේ පරීක්ෂක කාර්යාලය පවසා ඇති බවට සඳහන්.

මේ වන විට අනතුරට පත් පුද්ගලයින් 14 දෙනෙකු බේරාගෙන ඇති අතර, නාය යාමෙන් අවතැන් වූවන් සඳහා ඒ ආසන්නයේ කූඩාරම් ඉදිකර ඇති බව රතු කුරුස සංවිධානය ප්‍රකාශ කරයි .