කෙන්යාවේ නායයෑමකින් 21ක් මරුට
By Mithu
කෙන්යාවේ බටහිර රිෆ්ට් නිම්න කලාපයේ සෙනසුරාදා සිදු වූ නායයෑමකින් අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර, වැසි සමයේදී දින ගණනාවක් තිස්සේ එම ප්‍රදේශයට තද වැසි ඇද හැලී තිබේ.
බටහිර කෙන්යාවේ එල්ගෙයෝ මරක්වෙට් ප්‍රාන්තයේ චෙසොන්ගොච් කඳුකර ප්‍රදේශයේ ඇති වූ මඩ නායයෑම් හේතුවෙන් නිවාස 1,000 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇත.
එමෙන්ම නායයෑම් තත්ත්වය හේතුවෙන් එරට මාර්ග රැසක් වසා දමා ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් ගුවන් මගින් රෝහල් වෙත රැගෙන යාමට එරට ආපදා කළමණාකරණ අංශ පියවර ගෙන තිබුණි.