පාසල් සිසුන්ට සෙත සළසවමින් 2027 නිල ඇඳුම් චීන රජයෙන්

Report

ශ්‍රී ලංකාවේ රජයේ පාසල්, රජයේ ආධාර ලබන පාසල් සහ රජයේ අනුමත පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම සිසුන් සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා 2027 වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් රෙදි චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා අදාළ නිල සහතිකපත් හුවමාරු කිරීම ඊයේ (15) බත්තරමුල්ල, ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

මෙම ආධාර වැඩසටහන යටතේ 2027 වසරේ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් මිලියන 4.18කට ආසන්න පිරිසකගේ සම්පූර්ණ නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීමට අපේක්ෂා කෙරේ.

දිවයිනේ සියලුම ගුරුවරුන්ට ගුරු ස්ථාන මාරුවීම් ගැන විශේෂ නිවේදනයක් - ජූලි 30 වනදා දක්වා වලංගුයි අයදුම් කිරීමේ වෙනසක්

දිවයිනේ සියලුම ගුරුවරුන්ට ගුරු ස්ථාන මාරුවීම් ගැන විශේෂ නිවේදනයක් - ජූලි 30 වනදා දක්වා වලංගුයි අයදුම් කිරීමේ වෙනසක්

ඒ සඳහා රෙදි මීටර් මිලියන 10.82ක දැවැන්ත තොගයක් චීන රජය විසින් ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම නොමිලේ පරිත්‍යාග කිරීමට නියමිතය.

මෙහිදී අදාළ එකඟතා සහතිකපත් ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතා සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා අතර හුවමාරු කර ගනු ලැබීය.

මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කටයුතු භාර නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

වසා දමා තිබූ ආනවිලුන්දාව දුම්රිය උපපොළට යළි පණ ලැබෙයි

වසා දමා තිබූ ආනවිලුන්දාව දුම්රිය උපපොළට යළි පණ ලැබෙයි