2027 සඳහා මේ බලපත්‍ර අලුත් කිරීම ගැන විශේෂ දැනුම්දීමක් - හෙට සිට ක්‍රියාත්මක වේ

Report

2027 වර්ෂය සඳහා වන ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කටයුතු හෙට (සැප්තැම්බර් 01) දින සිට ආරම්භ වන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි සියලුම පුද්ගලයින් සහ ආයතන 2026 දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම සිය ගිනිඅවි බලපත්‍ර අලුත් කර ගැනීමට කටයුතු කළ යුතුවේ.

රට ඇතුළට මුහුදු රළ පැමිණීමේ අවදානමක් - මුහුදුබඩ ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්

රට ඇතුළට මුහුදු රළ පැමිණීමේ අවදානමක් - මුහුදුබඩ ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්

2026 දෙසැම්බර් 31 වන දිනට පෙර බලපත්‍ර අලුත් නොකරන සියලුම ගිනිඅවි හිමිකරුවන්ට එරෙහිව තුවක්කු ආඥාපනතේ 22 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීමේ වරද යටතේ නීතිමය පියවර ගන්නා බව ද අමාත්‍යාංශය අවධාරණය කරයි.

මේ අතර, 2026.09.01 දින සිට 2026.12.31 දක්වා වූ කාලය තුළ ලියාපදිංචිය අලුත් නොකරන පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීමට හෝ නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ලබයි.

සුළු මොහොතකට පෙර රවී කරුණානායක අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර රවී කරුණානායක අත්අඩංගුවට

එබැවින් සිදුවිය හැකි නෛතික හා අපහසුතාවයන්ගෙන් වළකින ලෙසත්, නියමිත කාලසීමාවට ප්‍රථම අදාළ බලපත්‍ර අලුත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් සහ අදාළ ආයතනවලින් ඉල්ලා සිටියි.