2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද- ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල සූදානම්
2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (02) දිනයේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කරයි.
ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට සහ දෙමාපියන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් විභාග අංකය ඇතුළත් කර ප්‍රතිඵල ලබාගැනීමේ පහසුකම සලසා ඇත.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වාර්තාවක් කැඳවීමට අධිකරණ නියෝගයක්
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉකුත් අගෝස්තු මස 09 වනදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී සාර්ථකව පවත්වන ලදී.
එම විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723ක් වශයෙන් සමස්ත අපේක්ෂකයින් 294,089 දෙනෙකු පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.