2026 පටන් ගද්දිම වෙන්න යන අතිවිශේෂ සිදුවීම මෙන්න

Report

2026 වසර ආරම්භ වන්නේ අතිවිශේෂ ආකාශ සංසිද්ධියක් සමඟින් බවට තාරකා විද්‍යාඥයන් ප්‍රකාශ කරයි.

ඒ වසරේ පළමු සුපිරි හඳ (Super Moon) වශයෙන් පළමු පූර්ණ චන්ද්‍රයා වන ‘වුල්ෆ් මූන්’ (Wolf Moon) අහසේ දිස්වීම හේතුවෙන්.

මෙම සුපිරි හඳ යනු චන්ද්‍රයා පෘථිවියට වඩාත් සමීප වන ස්ථානයට පැමිණි විට නිර්මාණය වන පූර්ණ චන්ද්‍රයා වේ.

ඒ අනුව නාසා ආයතනය පෙන්වා දෙන ආකාරයට එවිට හඳ සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයෙකුට වඩා 14% ක් විශාලව සහ 30% ක් වැඩි දීප්තියකින් දිස් වේ.

iPhone පරිශීලකයින්ට හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක්

iPhone පරිශීලකයින්ට හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක්

එමෙන්ම සඳෙහි කක්ෂය පරිපූර්ණ වෘත්තයක් නොවන බැවින් පෘථිවිය සහ චන්ද්‍රයා අතර දුර මාසය පුරා වෙනස් වන්නක් වේ.

වඩාත් විශ්මයජනක දර්ශනයක් වෙනුවෙන් ජනවාරි 2 සිකුරාදා හෝ ජනවාරි 4 ඉරිදා හිරු බැස යන අවස්ථාවේ නැගෙනහිර ක්ෂිතිජය දෙස බලන මෙන් තාරකා විද්‍යාඥයන් පවසයි.

මේ අතර නව වසරේ සුපිරි හඳ එහි උපරිම දීප්තියට පැමිණෙන්නේ 2026 ජනවාරි 3 වන සෙනසුරාදා පස්වරු 3.32ට වේ.

සුපිරි හඳ නැරඹීමට විශේෂ උපකරණ අවශ්‍ය නොවන අතර එය පියවි ඇසට පැහැදිලිව පෙනෙන බව වාර්තා වේ. එසේ වුවත් දුරදක්නයක් හෝ දුරේක්ෂයක් භාවිතා කිරීමෙන් හඳේ මතුපිට වඩාත් පැහැදිලිව දැකගත හැකි බව සඳහන්.

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක් - ජනවාරිවල එක් කිරීමට නියමිතයි

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක් - ජනවාරිවල එක් කිරීමට නියමිතයි

ඊට අමතරව මෙම අවස්ථාවේදී හඳ ජෙමිනි (Gemini) තාරකා පන්තිය තුළ පිහිටන අතර වසරේ දීප්තිමත්ම අවස්ථාවේ පවතින බ්‍රහස්පති ග්‍රහයාට ආසන්නව දිස්වන බව ද පවසයි. ‘වුල්ෆ් මූන්’ යන නම පැරණි ඇමරිකානු සහ යුරෝපීය සම්ප්‍රදායන්ගෙන් පැමිණි එකකි. ඉන් ශීත සෘතුවේදී ගම්මාන අසල වෘකයන් කෑගසන ශබ්දය ඇසෙන කාලය නිරූපණය වේ.

වෘකයන් සාමාන්‍යයෙන් කෑගසන්නේ සන්නිවේදනයට වුවද, ඔවුන්ගේ භූමි ප්‍රදේශය සලකුණු කිරීමේ උපක්‍රමයක් ලෙසත් වෘකයන් සිය හඬ භාවිත කරන බවට සොයාගෙන ඇත.

එම ශබ්දය ජනවාරි පූර්ණ චන්ද්‍රයා සමඟ සංස්කෘතිකමය ලෙසද ද බැඳී පවතින්නක් බැවින් මෙම සුපිරි සඳට වුල්ෆ් මූන් ලෙස යොදා තිබෙන බවයි වාර්තාවල දැක්වේ.

ඒ අනුව ජනවාරි මාසයේ දිස්වන මෙම හඳ 2026 වසරේ දැකගත හැකි සුපිරි හඳවල් තුනෙන් පළමුවැන්න වේ. එමෙන්ම වසර අවසානයේදී තවත් සුපිරි හඳවල් දෙකක් දිස්වනු ඇත.

ඒ 2026 නොවැම්බර් 24 වැනිදා බීවර් සුපිරි හඳ (Beaver supermoon) සහ 2026 දෙසැම්බර් 24 වැනි දා කෝල්ඩ් සුපිරි හඳ (Cold supermoon) ලෙසයි.

මේ අතර දෙසැම්බර් 24 (නත්තල් ඒව) දින දිස්වන සුපිරි හඳ 2019 වසරෙන් පසු පෘථිවියට ආසන්නම සහ දීප්තිමත්ම පූර්ණ චන්ද්‍රයා වනු ඇතැයි බලාපොරොත්තු වේ.

මේ පාසල්වල ගුරුවරුන්ට ආයේ බය වෙන්න දෙයක් නෑ - සුබ පණිවුඩයක්

මේ පාසල්වල ගුරුවරුන්ට ආයේ බය වෙන්න දෙයක් නෑ - සුබ පණිවුඩයක්

ඔයාටත් ලක්ෂ ගානක වැටුපකට රජය හරහා ඊශ්‍රායලයට යන්න අලුත් චාන්ස් එකක් - මෙන්න විස්තරේ

ඔයාටත් ලක්ෂ ගානක වැටුපකට රජය හරහා ඊශ්‍රායලයට යන්න අලුත් චාන්ස් එකක් - මෙන්න විස්තරේ