ජාතික ජනබලවේගයේ මනාප ඡන්ද ලක්ෂය ඉක්මවූ වාර්තාගත මන්ත්‍රී ලැයිස්තුව මෙන්න..

Parliament of Sri Lanka Sri Lanka Parliament Election 2024
By Aruna Nov 17, 2024 07:11 AM GMT
Aruna

Aruna

Report

මෙවර මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය ජයග්‍රහණ අපේක්ෂකයන්ගෙන් ලක්ෂය ඉක්මවා මනාප ඡන්ද ලබාගත් ජයග්‍රාහකයන් 31 දෙනකු සිටීම විශේෂත්වයකි.

එහිදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදි අගමැතිනි හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබා ඉතිහාසයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය ලබාගෙන ඇත.

ඇයට අමතරව චතුරංග අබේසිංහ සහ සුනිල් වටගල ද මනාප ලක්ෂයට අධිකව ලබාගෙන තිබේ.

හෙට උදේ 10 ට ජනපති ප්‍රධානත්වයෙන් සිදුවන විශේෂම දෙයක් ගැන දැනුම්දීමක්..

හෙට උදේ 10 ට ජනපති ප්‍රධානත්වයෙන් සිදුවන විශේෂම දෙයක් ගැන දැනුම්දීමක්..


ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරනු ලැබූ ඇමැති විජිත හේරත් මහතා මෙරට මැතිවරණ ඉතිහාසයේ අද්විතීය වාර්තාවක් තබමින් මනාප ඡන්ද 716,715ක් ලබා මෙවර මහ මැතිවරණයෙන් වැඩිම ඡන්ද ලාභියා ලෙස ජයග්‍රහණය කරනු ලැබීය.

එහිදී හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද විපක්ෂයෙන් ලක්ෂය ඉක්මවා මනාප ලබාගත් එකම අපේක්ෂකයා ලෙස වාර්තාවූ අතර ඔහු 145611 ක් මනාප ලබාගත්තේය.

කළුතර නලින්ද ජයතිස්ස මහතා මනාප ඡන්ද 371640 ක් හා නිලන්ති කොට්ටහච්චි මනාප 131375ක් ලබාගෙන ලක්ෂයට අධික මනාප ලබා තිබිණ.

හම්බන්තොට නිහාල් ගලප්පත්ති, ගාල්ල නලින් හේවගේ, මාතර සුනිල් හඳුන්නෙත්ති (249,251) ක් සහ සරෝජා පෝල්රාජ් ද මනාප ඡන්ද ලක්ෂය ඉක්මවා ලබාගෙන තිබේ.

දකුණේ ප්‍රසිද්ධ නගරයක ඉන්ධන පිරවුම්හලක් අසල පිපිරීමක්..

දකුණේ ප්‍රසිද්ධ නගරයක ඉන්ධන පිරවුම්හලක් අසල පිපිරීමක්..


පොලොන්නරුව ටී.බී. සරත්, පුත්තලම හරිස්චන්ද්‍ර අභයරත්න, බදුල්ල සමන්ත විද්‍යාරත්න (208,247), කෑගල්ල ධම්මික පටබැඳි, මහනුවර කේ. ඩී. ලාල්කාන්ත (316,951), ජගත් මනුවර්ණ, අනුරාධපුර වසන්ත සමරසිංහ (251639), මොනරාගල අයි. එම්. ජයවර්ධන, රත්නපුර ශාන්ත පද්මකුමාර, එස්. ප්‍රදීප්, මාතලේ ජී. දිසානායක යන අපේක්ෂක, අපේක්ෂිකාවන් මෙලෙස ලක්ෂයකට අධික මනාප ලබාගත් අය වනවා.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 0
    Jathika Jana Balawegaya
    0%
  • SJB 0
    Samagi Jana Balawegaya
    0%
  • NDF 0
    New Democratic Front
    0%
  • ITAK 0
    Ilankai Tamil Arasu Kadchi
    0%
ReeCha