ආණ්ඩු වෙනස් වෙලා දවස් කිහිපයයි.. ඊයේ එක්ක බලද්දි අද ඩොලරයට වුණ දෙය මෙන්න..(PHOTOS)
අද (25) වානිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
සෙලාන් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 300 සහ රු. 307.50ක් (පිළිවෙලින්) විය.
එමෙන්ම NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300.75 සිට රු. 298.50 ක් විය.
එහි විකුණුම් මිල රු. 308.75 සිට රු. 306.50 කි.

ඇමති කාංචන වහා අමාත්‍යාංශයෙන් පිටව ගිහින්.. ඉන්ධන ගැනත් කියලම.. රට පුරා ඉන්ධන වලට මොකක් වෙයි ද?.(PHOTOS)
කොමර්ෂල් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත රු.298.78 සිට රු. 296.54 ක් සහ රු. 308.50 සිට රු. 306.25ක් (පිළිවෙලින්) විය.
සම්පත් බැංකුවට අනුව, ගැනුම් අනුපාතිකය රු. 299.50 සිට රු. 298 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් මිල රු. 308.50 සිට රු. 307ක් විය.



