ඊයෙත් එක්ක බලනකොට ඩොලරයට අද වුණේ මෙන්න මේකයි.. (PHOTO)
ඊයේ (04) දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 295.09 සිට රු. 294.92 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 304.56 සිට රු. 304.28 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද ඉහළ ගොස් තිබෙනවා.
