ලෑසී නැහැ - දන්සල් පරීක්ෂාවට පී.එච්.අයිලා 200ක්

Dhalatha Perahera Sinhala news
By Shehan Apr 19, 2025 05:42 AM GMT
Shehan

Shehan

Report

මහනුවර සිරි දළදා වන්දනාව වෙනුවෙන් පැවැත්වෙන  දන්සල් පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 200 දෙනකු යොදවා ඇතැයි ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.

දන්සල් 100 කට අධික සංඛ්‍යාවක් සඳහා අවසර ලබාගෙන ඇතැයි ද එම සංගමයේ නියෝජිත සඳුන් හේමන්ත මහතා පැවැසීය.

සජිත් දුකින්ලු - සජබ සභාපතිකම යළි බාර ගන්න ඉම්තියාස් සූදානම්!

සජිත් දුකින්ලු - සජබ සභාපතිකම යළි බාර ගන්න ඉම්තියාස් සූදානම්!

දළදා වන්දනාව සඳහා පැමිණී සැදැහැවතුන්ට සපයා ඇති ජංගම වැසිකිළි පහසුකම්වල තත්ත්වය ගැන නිරන්තරයෙන්ම සොයා බලන බව ද හෙතෙම කීය.

මීට අමතරව කසල කළමනාකරණය සම්බන්ධයෙන් ද නිරන්තරයෙන්ම නිලධාරීන් සොයාබලමින් සිටින බව ද ඒ මහතා කියා සිටියේය.

ට්‍රම්ගේ තීරු බද්දට අමෙරිකාවෙන්ම නඩුවක්

ට්‍රම්ගේ තීරු බද්දට අමෙරිකාවෙන්ම නඩුවක්

ලක්ෂ ගණනින් ජනතාව ඇදී ආවත් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාට ගැන නිරන්තරයෙන්ම මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සොයා බලන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

මීට අමතරව නුවර ප්‍රදේශයේ සියලුම හෝටල්, වෙළෙඳසල් පරික්ෂාවට ලක් කිරීම ද සිදු කරන බව ද ඒ මහතා කියා සිටියේය.

දින 30ක් ජීවත් වෙන්නනම් ලක්ෂයක් ඕනි - නවතම වාර්තාව මෙන්න!

දින 30ක් ජීවත් වෙන්නනම් ලක්ෂයක් ඕනි - නවතම වාර්තාව මෙන්න!

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැය 24 පුරාම සේවයේ යෙදෙන බව ද ඔහු කියා සිටියේය.

ReeCha