13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ 20 හැවිරිදි තරුණයෙක් මාදම්පේදී අත්අඩංගුවට

Report

13 හැවිරිදි බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන 20 හැවිරිදි තරුණයෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත බිංගිරිය, හිරුවැල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

 අපයෝජනයට ලක්වූ දැරියගේ පියා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, විදේශගතව සිටි ඇගේ මව පසුගිය මස 01 වැනිදා මෙරටට පැමිණ ඇත.

මව විදේශගතව සිටි කාලසීමාව තුළ දැරිය සිය ආච්චි අම්මා, පුංචි අම්මා සහ සහෝදර සහෝදරියන් සමඟ එකම නිවසේ වාසය කර තිබේ.

මෙම සැකකාර තරුණයාද එම නිවසේම ඔවුන් සමඟ එකට වාසය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවලදී සැකකරු තමන්ට නිරන්තරයෙන් ලිංගික අතවර කළ බව දැරිය විසින් මෙරටට පැමිණි සිය මවට පවසා ඇති අතර, ඒ අනුව මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කළු ගඟේ සැඩ පහරට හසුවූ සස්මිත සොයා මෙහෙයුම් තවදුරටත්

කළු ගඟේ සැඩ පහරට හසුවූ සස්මිත සොයා මෙහෙයුම් තවදුරටත්

අතවරයට පත් දැරිය වැඩිදුර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර තිබේ

තවද අත්අඩංගුවට ගත් සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මාදම්පේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි