නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු නිසා හබරාදූව බියෙන්..

By Piyumika Jul 29, 2024 01:35 AM GMT
Report

හබරාදූව, හරුමල්ගොඩ පන්සල අසල පිහිටි තානායමක් ඉදිරිපිට දී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (28) රාත්‍රියේ සිදුකල වෙඩි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ .

ඊශ්‍රායල හා හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක පෙරනිමිති..ඊශ්‍රායලයෙන් ප්‍රතිප්‍රහාරයක්

ඊශ්‍රායල හා හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක පෙරනිමිති..ඊශ්‍රායලයෙන් ප්‍රතිප්‍රහාරයක්

මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙනියගොඩ, හරුමල්ගොඩ, හබරාදුව පදිංචි 34 හැවිරිදි තරුණයෙකු සහ ත්‍රිරෝද රථයේ රියදුරු වන 49 හැවිරිදි අඟුළුගහ පදිංචි පුද්ගලයෙකි .

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් රිවෝල්වර වර්ගයේ ගිණි අවියකින් 34 හැවිරිදි පුද්ගලයා ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්, ‌ මොහු ඉන් බේරිම සඳහා අසල තිබු ත්‍රිරෝද රථයකට ගොඩවූ අවස්ථාවේදී එහි සිටි රියදුරුටද වෙඩි වැදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොළඹ දිස්ත්‍රික්කය ළමුන්ට හිතකර තැනක් නෙවෙයිද?..

කොළඹ දිස්ත්‍රික්කය ළමුන්ට හිතකර තැනක් නෙවෙයිද?..

වෙඩි වැදුණු පුද්ගලයින් දෙදෙනාගේ තත්ත්වය බරපතළ නොවන අතර, සිදුවීම සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.