මුලතිව් දිස්ත්‍රික්කයේ ගිනි නිවන ඒකකයක් නොමැති වීමෙන් කෝටි ගණනක් පාඩුයි..

By Piyumika Jul 31, 2024 05:52 AM GMT
Report

මුලතිව් නගරයේ පිහිටි පොදු වෙළදසැලේ කඩ කාමර දෙකක් ඊයේ (30) හදිසියේ ඇති වූ ගින්නකින් පිලිස්සී විනාශ වී ගොස් තිබේ .

මෙම වෙළදසැල් දෙකම සිල්ලර බඩු අලෙවි කරමින් පවත්වා ගෙන ගිය වෙළදසැල් දෙකකි. මෙම ගින්න නිසා වෙළදසැල් දෙකේම තිබූ රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා සියලු භාණ්ඩ දැවී පිලිස්සී අගුරු බවට පත්ව ඇත .

මාරක රිය අනතුරු 2ක්..

මාරක රිය අනතුරු 2ක්..

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බොහෝ දුරට විදුලිය කාන්දු වීමක් හේතුව විය හැකි බවයි මුලතිව් පොලීසිය පැවසූවේ.

මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබයි . මුලතිව් එක්සත් වෙළද සංගමය ප්‍රකාශ කළේ, මුළු ලංකාවේම ගිනි නිවන ඒකකයක් නොමැති එකම දිස්ත්‍රික්කය මුලතිව් දිස්ත්‍රික්කය නිසා හදිසි ගිනි ගැනීම්වලදී සියල්ලම දැවී අළු වී යන තුරු ගින්න නිවා ගැනීමට නොහැකි වි ඇති බවයි.

හිස්බුල්ලා ප්‍රධානියකු ඊශ්‍රායලය ප්‍රහාරයකින් මරණයට..

හිස්බුල්ලා ප්‍රධානියකු ඊශ්‍රායලය ප්‍රහාරයකින් මරණයට..

පසුගිය ජුලි මාසය තුළ පමණක් මුලතිව් දිස්ත්‍රික්කයේ හදිසි ගිනි ගැනීම් හතරක් සිදු වූ බවත්, එලෙස ඇති වූ කිසිම ගින්නකින් භාණ්ඩ හා දේපල බේරා ගැනීමට නොහැකි වන අන්දමට සියල්ලම පිලිස්සී ගිය බවත්, එම සංගමය පවසා සිටියේය .

මෙම නිසා මුලතිව් දිස්ත්‍රික්කය තුළද හදිසි ගිනි නිවීමේ ඒකකයක් පිහිටුවන ලෙස එම සංගමයේ නිලධාරීන් වගකිව යුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.