බලපත්‍ර නොමැතිව මදන මෝදක අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට...
By Parami Dissanayake
අද (16) බලපත්‍ර නොමැතිව මදන මෝදක අළෙවි කරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් මදන මෝදක ගුලි 50,000 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගත්තේ, මැණික්හින්න ප්‍රෙද්ශයේ වෙළෙඳසැළක තිබීමෙන් ය. මෙම මදන මෝදක ගුලි වල වටිනාකම රුපියල් මිලියන 02 ක් පමණ වන බව පොලීසිය පවසයි.
දේශීය වෛද්‍යවරයෙකු ගේ නිර්දේශයක් නොමැතිව මදන මෝදක අළෙවි කිරීමට නොහැකිව තිබිය දී මෙම ස්ථානයෙන් පාසල් ළමුන් පවා මදන මෝදක ගුලි මිලට ගෙන තිබෙන බවට පොලීසියට ලැබුණු තොරතුරු පොලීසිය වැටලීම සිදුකර තිබෙනවා.
අපරාධ අංශ ස්ථානාධිති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් විසින් මැණික්හින්න පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී චන්ද්‍රපාල ගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකරනු ලැබ ඇත.