සුවසැරියෙන් අලුත් සේවාවක් - ගිලන් රථයට කළින් එන්න යන යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක්

Report

යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම තීරණය කර ඇත.

ඒ අනුව හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් වෙත වඩාත් කඩිනමින් සහ කාර්යක්ෂමව ප්‍රවේශ වීමට මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

එමෙන්ම අධික රථ වාහන තදබදයක් සහිත නාගරික ප්‍රදේශවල සහ මාර්ග අවහිරතා සහිත ප්‍රදේශවල මෙම යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

මෙම නව වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ ගිලන් රථයක් ළඟාවීමට පෙර රෝගියා වෙත කඩිනමින් ප්‍රථමාධාර සහ මූලික වෛද්‍ය පහසුකම් ලබාදීම බව සුව සැරිය පදනම පවසයි.

ඒ වෙනුවෙන් විශේෂ පුහුණුව ලත් වෛද්‍ය නිලධාරීන් යෙදවීමට නියමිත අතර මූලික ඖෂධ සහ වෛද්‍ය උපකරණ සහිත යතුරුපැදි ලබාදීමට නියමිතව ඇත.

එම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ ඉලක්ක කරගිමින් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්. 

යළිත් සටන් විරාම බිඳ වැටෙයි - තෙල් මිල යළි අහස උසට යයි - සංශෝධනය වූ අලුත්ම මිල ගණන් මෙන්න

යළිත් සටන් විරාම බිඳ වැටෙයි - තෙල් මිල යළි අහස උසට යයි - සංශෝධනය වූ අලුත්ම මිල ගණන් මෙන්න

ලංකා ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් - මුදල් නි. ඇමතිගෙන් නිල ප්‍රකාශයක්

ලංකා ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් - මුදල් නි. ඇමතිගෙන් නිල ප්‍රකාශයක්