ගුදමාර්ගයේ සගවා ගත්තොත් හොයන්න බැරිවෙවි යැයි සිතූ 6ක් රත්තරන් සමග ගුවන් තොටුපලේදී අත්අඩංගුවට..

Report

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි වශයෙන් සකස් කර ඒවා තම සිරුරු වල ගුද මාර්ගයේ සහ සිය ගමන් මලු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත.

නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් අයෙක් රෝහලේ..

නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් අයෙක් රෝහලේ..

මෙලෙස අත්තඩංගුවට පත්ව ඇත්තේ කල්මුණේ , මූතූර් , කොළඹ - 10 , කළගෙඩිහේන සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 30 ත් - 50 ත් අතර පසුවන , නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන පුද්ගලයන් හය දෙනෙකි.

මොවුන් ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ එතැන් සිට 06/25 දින පස්වරු 01.20 ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ - 1175 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ජල රකුසා තවත් ජිවිත දෙකක් බිලි ගනී..

ජල රකුසා තවත් ජිවිත දෙකක් බිලි ගනී..

මෙම පුද්ගලයන් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර ( Scan Test ) පරීක්ෂා කිරීම් වලට යොමු කිරීමෙන් පසුව අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .

කට වචනයක් නිසා සංචාරකයකුට දිවි අහිමි වේ..(VIDEO)

කට වචනයක් නිසා සංචාරකයකුට දිවි අහිමි වේ..(VIDEO)

මොවුන් අතරින් පුද්ගලයන් සිව් දෙනෙකු මෙම රත්තරන් ජෙල් අඩංගු ගුලි සිය සිරුරු වල ගුද මාර්ග තුළ ත් , තවත් දෙදෙනෙකු තම ගමන් මලු තුළ ත් මෙම රත්තරන් ජෙල් කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 632 ක් බර රත්තරන් ජෙල් ගුලි 22 ක සගවා ගෙන තිබූ බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීවරයෙකු පැවසීය .

ගුදමාර්ගයේ සගවා ගත්තොත් හොයන්න බැරිවෙවි යැයි සිතූ 6ක් රත්තරන් සමග ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. | 18 Crore Gold Seized At Airport

ගුදමාර්ගයේ සගවා ගත්තොත් හොයන්න බැරිවෙවි යැයි සිතූ 6ක් රත්තරන් සමග ගුවන් තොටුපලේදී අත්අඩංගුවට.. | 18 Crore Gold Seized At Airport