"සාටකයා ඝාතකයා" ලසන්ත වික්‍රමතුංග ඝාතකයාව අපි කිව්වා - පාර්ලිමේන්තුව උණුසුම්
අද දින (8) රැස් වූ පාර්ලිමේන්තුවේදි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා විසින් අද දිනයේ විශේෂත්වය සිහිපත් කරමින් ආන්දෝලනාත්මක කතාවක් ඉදිරිපත් කළේය.
එහිදී ඔහු පවසා සිටියේ ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කර අදට වසර 17ක් සපිරෙන බවයි. ලසන්ත වික්‍රමසිංහ යනු දේශපාලන කටයුතු වල නියැලුණු අයෙකු බවත් හිටපු අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පෞද්ගලික ලේකම් ලෙසත් කටයුතු කල පුද්ගලයෙක් බව මන්ත්‍රීවරයා සිහිපත් කළේය.
මත්තලට ප්ලේන් එන එක ලොකු දෙයක්ද ඇහුවා දැන් කෝච්චියක් ආවත් ඇමතිලා ටික විශේෂ ඩාන්ස් එකක් දානවා මේක තමයි ඇමති වන්නම - විපක්ෂේ අමතයි
ඊට අමතරව පාර්ලිමේන්තුවේ මැතිවරණයකට තරග කල අයෙක් හා ලංකාවේ බලසම්පන්න පුවත්පතක් වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘවරයා මෙන්ම දූෂණය හෙළි කරන ගවේෂනාත්මක මාධයවේදියකු වූ බව පවසා සිටියේය.
මේ ආකාරයේ පුද්ගලයෙක්ව දේශපාලන හේතු මත දූශකයන් මරා දමා අදට වසර 17 වන බව මන්ත්‍රීවරයා පවසා සිටියේය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ " එතුමා මිය ගිය අවස්ථාවේදී එතුමාගේ අවමංගල පෙරහැරේ බැනරය මගේ දකුණු අතින් ඔසවාගෙන කිලෝමීටර දෙකක් අරන් ගිය පුද්ගලයා වශයෙන් මම මේ කියන්නේ.ඒ වගේම් ඒ බැනරයේ අපි කිව්වා "සාටකයා ඝාතකයා" කියලා.කවුද ඝාතනය කළේ කියලත් අපි කිව්වා. ලසන්ත ඝාතනයට යුක්තිය ඉටු කරනවයි කියලා බලයට ආපු ආණ්ඩුව ඒක කරන්න අසමත් වෙලා තියෙනවා.වර්තමාන ජනපති හා ආණ්ඩුව තමන්ගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් විදිහට ලසන්ත ඝාතකයන්ව නීතිය ඉදිරියට රැගෙන එන්න පොරොන්දුව වුණා.ඒත් නැවතත් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න අසමත් වෙනවනම් ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ලබන බලවත් පරාජයක්. 2/3 බලය තියෙන කිසිම බාධාවක් නැති විධායක ජනපතිකමටත් ලසන්තට යුක්තිය ඉටු කරන්න බැරිනම් ලසන්තට කවදාවත් යුක්තිය ඉටු වෙන්නෑ" යයි පවසමින් ඔහුගේ කතාව සංවේදීව අවසන් කළේය.