පාන් වලට 16%ක බද්දක්.. - පාන් කන්නෙ කොහොමද කියලා හිතලම මිනිස්සුන්ට කේන්ති ගිහින්..

By krishani Jun 21, 2024 05:17 PM GMT
Report

2024 වසරේ අයවැයෙන් පාන් සඳහා 16%ක බද්දක් ඇතුළත් කිරිමට කෙන්යාව යෝජනා කර තිබෙනවා.

පාන් වලට 16%ක බද්දක්.. - පාන් කන්නෙ කොහොමද කියලා හිතලම මිනිස්සුන්ට කේන්ති ගිහින්.. | 16 Tax On Bread In Kenya

ඒ හේතුවෙන් කෝපයට පත් කෙන්යානු ජනතාව වීදි බැස උද්ඝෝෂණයක නිරත වී ඇත.

ඒ වෙනුවෙන් දහස් ගණනාවක ජනතාව කෙන්යාවේ නයිරෝබි අගනුවරට රැස්ව රජයේ යෝජනාවට එරෙහි ව උද්ඝෝෂණයක නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව එරට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ජනතා පලවා හැරීමට පියවර ගෙන තිබෙනවා.

එහිදී කලහාකාරී ලෙස හැසිරුන පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට පත්වී ඇති අතර පසුව උද්ඝෝෂණයට එක් වූ එරට නීතිඥවරුන් ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා නයිරෝබි නුවර පොලිසිය වැටලූ බව ද සඳහන් වේ.

ඉන්දියාවම හෙල්ලෙයි?. ෂාරුක් මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?. එයා ගැන ඇස් උඩ යන ආරංචියක් මෙන්න..

ඉන්දියාවම හෙල්ලෙයි?. ෂාරුක් මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?. එයා ගැන ඇස් උඩ යන ආරංචියක් මෙන්න..


කෙසේ වෙතත්, වසර 2022 දී බලයට පත් වූ කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ ඇමෙරිකානු ඩොලර් බිලියන 80 ඉක්මවා ඇති විදෙස් ණය බරීන් නිදහස් වීමට විවිධ නීති රෙගුලාසි සහ මතභේදයට තුඩු දුන් බදු රැසක් හඳුන්වා දී තිබෙන බව වාර්තා වේ.