කොස්ගොඩ වෙරළෙන් මළ සිරුරක්...

By Parami Dissanayake Sep 01, 2024 01:31 PM GMT
Report

කොස්ගොඩ වෙරළ තීරයේ තිබී හිස කඳින් වෙන් වූ පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසා සිටිනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ,මෙය පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවයි.

මෙම මළ සිරුර හඳුනාගත නොහැකි ආකාරයට විකෘති වී තිබීම හේතුවෙන් එම තැනැත්තා මීට දින ගණනාවකට පෙර මියගොස් ඇති බවට පොලීසිය සැක පළකරනවා.

කෙසේ වෙතත්, මේ වන විට සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය මූලික රෝහලේ තබා ඇත.

කොස්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.