ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් ප්‍රධාන පාලම් 15කට හානි
ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් ප්‍රධාන පාලම් 15කට හානි සිදුවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කර තිබේ.
ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මේ වන විට ගමනාගමනයට බාධා එල්ල වූ ඇතැම් මාර්ගවල පස් කඳු ඉවත් කිරීමේ කටයුතු අවසන් වෙමින් පවතින බවයි .
තවද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ තම අධිකාරිය යටතේ පවතින මාර්ග 206 ක වාහන ධාවනයට බාධා එල්ලවී තිබූ බවත් ඉන් මාර්ග කිහිපයක ජලය බැසයෑම සහ පිළිසකර කිරීම් සිදුකර මාර්ග කිහිපයක් වාහන ගමනාගමනයට විවෘත කර ඇති බවයි.