හොරණ පොලිස් විසින් දෝෂ සහිත වාහන 15කට තහනම් නියෝග

Report

හොරණ මූලස්ථාන පොලීසිය විසින් හොරණ පොලිස් වසම තුළ සිදුකළ විශේෂ රථ වාහන පරීක්ෂාවකදී දෝෂ සහිත වාහන පහළොසක් හඳුනාගෙන ඒවාට තහනම් නියෝග නිකුත් කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

මෙම පරීක්ෂාවේදී මුළු රථ වාහන 107ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඒ අතරින් දෝෂ සහිත වාහන සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

විශේෂයෙන් පහන් හා සංඥා පද්ධති අඩුපාඩු,තිරිංග පද්ධති දෝෂ, ආරක්ෂිත හිස්වැසුම් නොමැතිවීම,පැති කන්නාඩිවල දෝෂ ආදිය හේතුවෙන් රථ වාහන සම්බන්ධ වෙනත් වැරදි සිදුකළ පුද්ගලයන් 35 දෙනෙකුට අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත.

මෙම විශේෂ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වූයේ රිය අනතුරු සිදුවීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන දෝෂ සහිත වාහන හඳුනාගෙන හොරණ ප්‍රදේශය තුළ මාර්ග ආරක්ෂාව ශක්තිමත් කිරීම හා අනතුරු අවම කිරීම බව පොලීසිය සඳහන් කරයි.

පොලීසිය මෙම ක්‍රියාමාර්ග මගින් රියදුරන්ට හා මාර්ග භාවිතා කරන්නන්ට ආරක්ෂිත මාර්ග පද්ධතියක් ලබාදීමේ අරමුණින් මෙවැනි පරීක්ෂාවන් නිරන්තරයෙන් සිදුකරන බවත් පවසයි.  

යුද්ධය අවසන්- ට්‍රම්ප් නෙතන්යාහු සමග සාකච්ඡාවක්

යුද්ධය අවසන්- ට්‍රම්ප් නෙතන්යාහු සමග සාකච්ඡාවක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්