අබිරහස් ලෙස මිය ගිය පුතුගේ දේහය යළි ගොඩගනියි - මව පියා අත්අඩංගුවට
කෑගල්ල, දැරණියගල නූරි පොලිස් බලප්‍රදේශයේ ජනවාරි 2 වැනිදා මියගිය 14 හැවිරිදි පිරිමි ළමයෙකුගේ මරණය සම්බන්ධයෙන් පවතින අබිරහස හේතුවෙන්, අද (12) අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් ප්‍රමොද් ජයසෙකර මහතා ඉදිරියේ එම දේහය යළි ගොඩගැනී තිබේ.
අදාළ ළමයා ඔහුගේ මව සහ පියා සමඟ නිවසේ සිටියදී අබිරහස් ලෙස මියගොස් තිබේ. නූරි පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලදී මරණය සම්බන්ධයෙන් සැකයක් මතු වූ බැවින්, ළමයාගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු, අධිකරණ නියෝග මත කුරුවිට බන්ධනාගාරයේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
ළමයාගේ මරණය පිළිබඳ දැඩි සැකයක් පවතින බව කියමින්, ඔහුගේ ඥාතීන් සහ නූරි වත්තේ ජනතාව ජනවාරි 6 වැනිදා වතුයායේ විරෝධතාවයක නිරත වූහ.
ඔවුන් මරණයේ සත්‍යය අනාවරණය විය යුතු බවත්, විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස බලකර සිටිති.
අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ අද සිරුර වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත අතර, මෙම සිද්ධිය ප්‍රදේශයේ දැඩි නොසන්සුන්තාවක් ඇති කර තිබීමත්, පොලීසිය වැඩිදුර විමර්ශන තීව්ර කර තිබීමත් වාර්තා වේ.