හෙට මේ පැති වලට පැය 14ක් වතුර කපනවා - ජනතාව දැන්ම දැනුවත් වෙන්න
By Ashfa
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර ඇත්තේ වක්වැල්ල ජල පවිත්‍රාගාරය ආශ්‍රිතව සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (10) දින ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14ක කාලයක් ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවන බවයි.
ඒ අනුව, හෙට පෙරවරු 9:00 සිට එදින රාත්‍රී 11:00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වීමට නියමිතයි.
දුරකථනයක් භාවිතා කරනවානම් හෝ බැංකු ගිණුමක් තියෙනවනම් අනතුරු ඇඟවීමක් - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කර ඇත.