උසස් පෙළ නිසා දැඩි අර්බුදයක් - සිසුන් 135කට විනාඩි තිහක් ඇතුළත ජීවිත එපාවෙලා
මෙම වසරේ උසස් පෙළ විභාගය කල් නොදමන බවට අධිකරණ තීන්දුව ලබාදීමෙන් අනතුරුව සිසුන් එකසිය තිස්පස් දෙනකු විනාඩි තිහක කාලයක් ඇතුළත ජීවිත අවදානමක් ඇති බව කියමින්, ජාතික මානසික සෞඛ්ය විද්යාතනයට දුරකථන ඇමතුම් ලබාදී උපදෙස් ඉල්ලා ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම සිසුන් 0755551926 දුරකථන මාර්ගයේ වට්ස්ඇප් හරහා සම්බන්ධ වී උසස් පෙළ විභාගයේ අධ්යයන කටයුතු සමඟ තමන් මුහුණ දී ඇති ආතතිය පිළිබඳ තොරතුරු හෙළිකර ඇති බව සඳහන්.
එහිදී කඩිනමින් ක්රියාත්මක වූ ජාතික මානසික සෞඛ්ය විද්යාතනයේ මනෝ වෛද්යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය, උපදේශකවරුන් මෙම ළමයින්ට අවශ්ය උපදෙස් ලබාදී දෙමව්පියන්ද දැනුවත් කර එම සිසුන්ට අවශ්ය ප්රතිකාර සහ උපදේශන ලබාදීමට පියවරගෙන ඇති බව සඳහන්.
එසේම ජාතික මානසික සෞඛ්ය විද්යාතනයේ මනෝ විශේෂඥ වෛද්ය පුෂ්පා රණසිංහ, ළමයින් අධික ලෙස විභාගවලට පාඩම් කිරීම සහ අධික ලෙස බලාපොරොත්තු තබා ගැනීම මෙන්ම, අධ්යයන කටයුතු කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමේ තත්ත්වය මත මෙවැනි තීරණ ගැනීමට පෙළඹෙන බව පැවසූ බව සඳහන්.
එමෙන්ම ඇය අවධාරණය කර ඇත්තේ ළමයින්ගේ අධ්යයන කටයුතු සම්බන්ධව දෙමව්පියන් වඩා සැලකිලිමත් විය යුතු බවයි.
ඊට අමතරව යම් ශිෂ්යයෙකුට කුමන හෝ ගැටලුවක් ඇත්නම් ජාතික මානසික සෞඛ්ය විද්යාතනයේ, 1926 දුරකථන අංකයට හෝ 0755551926 අංකයට වට්ස්ඇප් මඟින් දැනුම් දීමක් කරන මෙන් එම විද්යාතනය ඉල්ලා ඇත.