ශ්වසන රෝගීන්ගෙන් 13%කට කොරෝනා

COVID-19 Ministry of Health Sri Lanka Sinhala news
By Hashini Jun 12, 2025 11:53 AM GMT
Hashini

Hashini

Report

ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කරන්නේ ශ්වසන රෝගීන්ගෙන් 9% – 13% අතර ප්‍රමාණයකට, මේ වනවිට පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය වැලඳී ඇති බවට වෛද්‍ය පර්යේෂණ දත්ත මඟින් වාර්තා වී ඇති බවයි.

එහි විද්‍යා අංශ ප්‍රධානී, මහාචාර්ය දුෂ්‍යන්ත මැදගෙදර මහතා පෙන්වා දෙන්නේ නව කොවිඩ් ප්‍රභේදය අඩු බැරෑරුම් තත්ත්වයක් පෙන්නුම් කරන අතර රෝගීන්ට සංකූලතා අඩු බවයි.

ඒ මහතා ඉල්ලා සිටින්නේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්, වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් මෙන්ම නිදන්ගත රෝග පවතින පුද්ගලයන් අවදානම් සහිත කාණ්ඩ වන බැවින් හතිය, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි.

අදත් රිය අනතුරක් - එක් අයෙක් මරුට

අදත් රිය අනතුරක් - එක් අයෙක් මරුට

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ පැතිරයන නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මේ වන විට බරපතළ තත්ත්වයක් නොමැති වුවද වෛරස තත්ත්වයක් යනු දිනපතා වෙනස්වන්නක් වන බැවින් සියලු දෙනා සැලකිලිමත්ව සිටිය යුතු බවත්ය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී මේ සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස මහාචාර්ය මැදගෙදර මහතා ඉල්ලා සිටිනවා. 

ලෝකයම කම්පා කරමින්...කඩන් වැටුණු යානයේ සිටි 242 දෙනාම ජීවිතක්ෂයට ?

ලෝකයම කම්පා කරමින්...කඩන් වැටුණු යානයේ සිටි 242 දෙනාම ජීවිතක්ෂයට ?

ReeCha