තායිලන්ත කාම්බෝජ දේශසීමා ගැටුම් නිසා තායිලන්තයේ 12 ජීවිතක්ෂයට

Report

තායිලන්තය හා කාම්බෝජය අතර ඇතිව තිබෙන දේශසීමා ගැටුම් නිසා තායිලන්තයේ පුද්ගලයන් 12 දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව තායි බලධාරීන්ට අනුව ජීවිතක්ෂයට පත් පිරිසෙන් 11 දෙනෙක් සිවිල් වැසියන් වන අතර ඉන් එක් අයෙක් හමුදා සෙබළෙක් බවත් සඳහන්. මෙම දේශසීමා ගැටුම් වසර 100කට වැඩි කාලයකට සිට දෙරට අතර පවතී.

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති

එසේ වුවද අද (24) දින අලුයම එය තරමක් උණුසුම් තත්ත්වයක් ගෙන තිබුණා.

ඒ අනුව දෙපාර්ශ්වයම වෙඩි හුවමාරුවක් සිදුකර ඇති අතර එකිනෙකා ගැටුම උත්සන්න කළ බවට චෝදනා කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී කාම්බෝජය තමන්ට රොකට් ප්‍රහාර එල්ල කළ බවට තායිලන්තයට චෝදනා කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් තායිලන්තයද කාම්බෝජ හමුදාව ඉලක්ක කොට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

බිහිසුණු ගුවන් යානයේ අනතුරෙන් මඟීන් 49 දෙනාම ජීවිතක්ෂට

බිහිසුණු ගුවන් යානයේ අනතුරෙන් මඟීන් 49 දෙනාම ජීවිතක්ෂට

එසේ වුවද කාම්බෝජය තවමත් තමන්ට සිදු වූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් නිල සඳහනක් කර නැති බව සඳහන්.

තායිලන්තය සහ කාම්බෝජය ලොව ප්‍රධානම බෞද්ධ රාජ්‍යයන් දෙකක් ලෙස සැලකෙන අතර, එම රටවල් ද්විත්වය ‍ථේරවාද බුදු දහමේ කේන්ද්‍රස්ථානයන් වශයෙන් ද සැලකේ.

එසේම තායිලන්ත ජනගහනයෙන් 97.5%ක් බෞද්ධ වන අතර, කාම්බෝජයේ 97.1%ක් බෞද්ධයන් බව වාර්තා වේ.

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්