කෙන්යාවේ විරෝධතාවයකින් 11ක් මරුට
කෙන්යානු රජයට එරෙහිව රටපුරා පැවති විරෝධතා අතරතුර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 11 දෙනෙක් මියගොස් තිබෙනවා.
ඒවා මර්දනයට පොලීසිය මැදිහත්වීමත් සමග ගැටුම් ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන තිබුණා.
ඊයේ (08) දිනයේදී කෙන්යාව පුරා දැවැන්ත විරෝධතා මාලාවක් පැවැත්වුණි.
ඒ 1990 වසරේදී එවක පැවති ඒකාධිපති පාලනයට එරෙහිව පැවැති 'සබා සබා' විරෝධතාවේ 35 වැනි සංවත්සරය නිමිත්තෙනි.
නයිරෝබි අගනුවර ඇතුළු කලාප කිහිපයකම පැවති මෙම රැලි පසුව, මහජන විරෝධතා බවට පත්වූයේ ඔවුන් වත්මන් ජනාධිපති විලියම් රූටෝ ට එරෙහිව විරෝධතා ක්‍රියාත්මක කිරීම හේතුවෙනි.
ජනාධිපතිවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට මෙහිදී ඔවුන් බලකර සිටියේ මෑතකාලීනව පැවති රාජ්‍ය විරෝධී ඒකරාශීවීම් මර්දනයට දැඩි පියවර ගැනීම හේතුවෙන්.
එහිදී පිරිස මර්දනයට පොලීසිය මැදිහත්වූ පසු දෙපිරිස අතර ගැටුම් හටගත් අතර, ඔවුන් විසුරුවාහැරීමට කඳුළු ගෑස් ප්‍රහාර පවා එල්ල කිරීමට පොලීසිය පියවර ගත්තේය.
එහිදී මෙම පිරිස මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගැටුම් අතරතුර පොලිස් නිලධාරීන් 52 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බවයි.
1990 වසරේ ජූලි 7 වැනිදා කෙන්යාවේ විරෝධතා ආරම්භ වූයේ එවක පැවති ජනාධිපති ඩැනියෙල් මෝයිගේ ඒකාධිපති පාලනයට එරෙහිවය.
එය පෙරළා දමා බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් පිහිටුවීම විරෝධතාකරුවන්ගේ අරමුණ වුණි.
එම විරෝධතාව 'සබා සබා' ලෙස නම් කෙරුණේ කෙන්යානු බසින් 'හත හත' යන අරුතින් යුතුවයි.