වැඩිහිටි නිවාසෙක දරුණු ගින්නක් - 11 දෙනෙක් මරුට 19කට බරපතළ තුවාල
ඇල්ජීරියාවේ ආබාධිත පුද්ගලයින් සඳහා වූ රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, මධ්‍යස්ථානයේ රැඳී සිටි තවත් 5 දෙනෙකු කිසිදු හානියකින් තොරව නිරුපද්‍රිතව මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ.
දිවයිනේ සියලුම ගුරුවරුන්ට ගුරු ස්ථාන මාරුවීම් ගැන විශේෂ නිවේදනයක් - ජූලි 30 වනදා දක්වා වලංගුයි අයදුම් කිරීමේ වෙනසක්
ගිනි නිවන භටයින්ගේ දැඩි උත්සාහයකින් පසුව ගින්න පාලනය කර ඇති නමුත්, එය හටගැනීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.
මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇල්ජීරියාවට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, මෙම උණුසුම් කාලගුණයත් සමඟ මේ මාසයේ 8 වනදා සිට මේ දක්වා කාලය තුළ පමණක් එරට පුරා විවිධ ගිනි ගැනීම් සිද්ධීන් 16කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
බලාධිකාරී අංශ මේ වන විට ගින්නට හේතුව සෙවීම සඳහා විධිමත් විමර්ශන ආරම්භ කර ඇත.