අඩු ආදායම් ලාභීන්ට සතුටු හිතෙන ආරංචියක් - මෙම වසර තුළ සමෘද්ධි සුව බොජුන්හල් 100ක්

Report

ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත් ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සදහන් කර තිබේ.

අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ අරමුණින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන සමෘද්ධි සුව බොජුන්හල් ව්‍යපෘතියේ තවත් එක් සුව බොජුන් හලක් මාතලේ දිස්ත්‍රික්කයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත .

මෙය සමෘද්ධි සුවබොජුන් හල් ව්‍යාපෘතියේ 51 වන සුව බොජුන් හල වේ.

මෙට්‍රෝ බස් රථ සඳහා නව GPS විශේෂාංගයක්

මෙට්‍රෝ බස් රථ සඳහා නව GPS විශේෂාංගයක්

අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ තවද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසයකයන් ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවයි.

තවද 2026 වර්ෂය ඇතුළත සමෘද්ධි සුව බොජුන් හල් 100ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ මගින් අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ .  

අවුරුදු 15ක දැරියක් දූෂණය කළ මහනුවර බහිරවකන්දේ විහාරයක හිමිනමකටත් වැඩ වරදී

අවුරුදු 15ක දැරියක් දූෂණය කළ මහනුවර බහිරවකන්දේ විහාරයක හිමිනමකටත් වැඩ වරදී