සුව කළ භයානක රෝගයක් ගැන හෙළිදරව්වක් - දිනකට රෝගීන් 100ක්

Report

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසන පරිදි දෛනිකව නව පිළිකා රෝගීන් 100ක් පමණ වාර්තා වන බව ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, 'පිළිකා කලින් හඳුනාගැනීමේ නව මධ්‍යස්ථානය' විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම ගොඩනැගිල්ල කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ පරිශ්‍රයේ ස්ථාපිත බෝවන රෝග සායන ගොඩනැල්ලේ පළමු මහලේ ස්ථාපිත කර ඇත.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ වනවිට දිවයිනේ ප්‍රධාන රෝහල් 6ක් ආශ්‍රිතව එම මධ්‍යස්ථාන ක්‍රියාත්මක බවත් ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අවධානය යොමු කර ඇති බවත් ය.

වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කළේ,වාර්තාවන පිළිකා රෝගීන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන බව පෙන්වා දෙන එම රෝගීන් පසු රෝගී අවධින් තුළ හමුවන බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා එමෙන්ම දිනකට රෝගීන් 40කට පමණ ජීවිත අහිමිවීමේ තත්ත්වයකට ද පත්ව සිටින බව පෙන්වා දෙයි.

සැප්තැම්බර්වල එන අලුත් හැඳුනුම්පත ගැන දැනුම්දීමක්

සැප්තැම්බර්වල එන අලුත් හැඳුනුම්පත ගැන දැනුම්දීමක්

මේ අතර මෙරට සෑම දිනකට කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් ඉන් දිනකට තිදෙනෙක් මිය යන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි.

වයස අවුරුදු 20න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙස ද වයස අවුරුදු 20-40 අතර වයසේ පසුවන කෙනෙක් නම් වසර තුනකට වරක් ද අවුරුදු 40කට වැඩිනම් වසරකට වරක් ද සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙස එම වැඩසටහන වැඩිදුරටත් ඉල්ලා සිටියි.

WhatsApp වල ලොකු වෙනසක් - මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි

WhatsApp වල ලොකු වෙනසක් - මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි